ව්‍යාජ පොලිස් හැඳුනුම්පතක් සාදාගෙන මොරටුව ප්‍ර‘දේශයේ කාන්තාවන් බියවද්දා එම කාන්තාවන්ගේ මුදල්, රන්භාණ්ඩ, ජංගම දුරකථන සොරාගන්නා ලද සැකකරුගෙන් කරනු ලැබූ ප්‍රශ්න කිරීම්වලින් රුපියල් ලක්ෂ 10 ක් වටිනා භාණ්ඩ සොයාගැනීමට පොලීසියට හැකිව තිබේ.
සැකකරු ව්‍යාජ හැඳුනුම්පත මගින් පොලිස් පරීක්ෂකයෙකු වශයෙන් පෙනී සිට ඇත. සැකකරු අද (25දා) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.