හොඳ හොඳ දේවල් සැප්තැම්බරයේලු
සැප්තැම්බර් හෝ ඔක්තෝබර් වනවිට දේශපාලනයේ සැබෑ වෙනසක් දැකගත හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති හා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය.
හෙතෙම මේ බව පවසා සිටියේ, නවීකරණය කරන ලද බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. බණ්ඩාරගම ආසනයේ ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක ලලිත් එල්ලාවල මහතා උත්සවය සංවිධානය කර තිබූ අතර, බණ්ඩාරගම ඒකාබද්ධ විපක්ෂ කාර්යාලයේ සිට මන්ත්රවරයා ඇතුළු පිරිස පාගමනින් ක්‍රීඩාංගණයට පැමිණියහ.
එහිදී පැවැති උත්සවයේදී අදහස් දැක්වූ කුමාර වෙල්ගම මහතා,
"තව හොඳ හොඳ දේවල් සැප්තැම්බර් වනවිට බලා ගන්න පුළුවන්. මම කියන්නේ නැහැ ඒ මොකක්ද කියලා. නමුත් ආප්ප න්‍යාය තවම තියෙනවා. ඒක ඉවර වෙලා නැහැ. අපටත් ආප්ප න්‍යායේ කොටසක් පාවිච්චි කරන්න පුළුවන්. සැප්තැම්බර්, ඔක්තෝබර් මාස වනවිට සැබෑ වෙනසක් තමුන් වහන්සේලාට ලැබෙයි කියා මා කියනවා."
බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

