හෙළ උරුමයේ යෝජනාවලට මෛත්‍රීගෙන් යහපත් ප්‍රතිචාර
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, දහ අට වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම හා ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් පිළිබඳව ජාතික හෙළ උරුමය විසින් ඉදිරිපත් කළ යෝජනාවලිය සඳහා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇතැයි 'අද' පුවත්පතට වාර්තා වේ.
ජාතික හෙළ උරුමය විසින් ඉදිරිපත් කළ යෝජනාවලිය සම්බන්ධයෙන් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිචාරය සම්බන්ධයෙන් හෙළ උරුමයේ මධ්‍යම කාරක සභාව විසින් ඊයේ (01දා) රැස්වී අවසන් තීන්දුවකට එළඹ ඇති අතර අද(02දා) දිනයේ දී අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.
කෙසේ වෙතත් දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් 'අද' පුවත්පතට වාර්තාවන්නේ බොහෝදුරකට ජාතික හෙළ උරුමයේ සහාය මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලැබෙනු ඇති බවය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
