බස්නාහිර පළාත් සභාව තුළ ස්වාධීන දේශපාලන පක්ෂයක් ලෙස ජාතික හෙළ උරුමය කටයුතු කරන බව එම පක්ෂයේ ජාතික සංවිධායක පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂයට හෝ එක්සත් ජාතික නිදහස් සන්ධානයට අයත් නොවන දේශපාලනයක තම පක්ෂය යෙදෙන බව වර්ණසිංහ මහතා සඳහන්කළේය.
පළාත් සභාවේ යහපත් කටයුතු වලට සහය පළකරන අතරතුර අයහපත් කටයුතු වලට විරුද්ධව වන බව කී ඒ මහතා, වැඩිදුරටත් සඳහන් කළේ මන්ත්‍රී ධුරය නොමැති වුවද තමන්ගේ දේශපාලනයේ නිරත වන බවයි.
දැනට පූජ්‍ය තෙඹුවන පියන්නද හිමි, නිරෝෂා අතුකෝරළ සහ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ යන මන්ත්‍රීවරුන් බස්නාහිර පළාත් සභාව තුළ ජාතික හෙළ උරුමය නියෝජනය කරයි.