යාපනය වැල්වැටිතුරෙයි මුහුදු සීමාව ආසන්නයේදී විකිණීමට සූදානම් කර තිබූ බ්‍රවුන් සුගර් වර්ගයේ හෙරෝයින් කිලෝ එකහමාරක් සමග පුද්ගලයෙකු ඊයේ (27දා) අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.
නාවික හමුදාවට ලැබුණු තොරතුරකට අනුව සුරාබදු ඒකකය හා එක්ව කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම හෙරෝයින් ඉන්දියාවේ සිට යාපනයට රැගෙනවිත් දකුණට අලෙවි කිරීමට සැලසුම් කර ඇතැයි අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් හෙරෝයින් තොගය හා සැකකරු ඉදිරි විමර්ශන කටයුතු සඳහා වැල්වැටිතුරෙයි පොලීසියට බාරදී තිබේ.
සැකකරු අද (28දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.