හෙරොයින් කිලෝවක් ළඟ තබාගැනීමේ හා ඊට ආධාර අනුබල දුන් චෝදනාවට වරදකරුවන් වූ පුද්ගලයන් දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා වූ බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද (30දා) නියෝග කෙරිණි.
මෙසේ සිරදඬුවම් හිමිවූයේ තර්බරාමා සුසේනද්ර හෙවත් සුසේයි සහ තිරුබානන්දන් ගෞතමන් හෙවත් ගෞතම් නමැත්තන්ටය.
පසුගිය 2013 වර්ෂයේදී කොළඹ බම්බලපිටිය ප්රදේශයේ හෙරොයින් ජාවාරම් කිරීමට කුමන්ත්රණය කිරීම, හෙරොයින් කිලෝවක් සහ ග්රෑම් 97ක් ළඟ තබාගැනීම හා ඒ සඳහා අනුබල දීම යන චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබිණි.