වසර 10 කට ඉහතදී හෙරොයින් ග්‍රෑම් 4 ක් ළඟ තබාගෙන සිටීමේ චෝදනාවට වරදකාරිය වූ කාන්තාවකට කොළඹ මහාධිකරණය ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් නියම කළේය.
විත්තිකාරියට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා, මෙලෙස ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් නියම කළේ සම්සුදීන් සමාසුන් නයිමා නමැති 76 හැවිරිදි කාන්තාවකටය.
2005 ජනවාරි 10 වැනිදා මාලිගාවත්ත ඛෙත්තාරාම ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 4.77 ක් ළඟ තබාගෙන සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් ඇය අත්අඩංගුවට ගත් බව නඩු විභාගයේදී හෙළිවිය.