පුහුණුව නිම වූ හෙදියන් 1500කට ජනවාරි මස 16 වැනි දින සූතිකා පුහුණුව ලබාදීමට ගෙනයන රහසිගත වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුවහොත් වෘත්තීය ක්‍රියාමාර්ගවල යෙදීමට දිවයින පුරා රෝහල්වල හා ක්ෂේත්‍ර සේවාවන්ගේ සේවයේ යෙදෙන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් තීරණය කර ඇති බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනී දේවිකා කොඩිතුවක්කු මහත්මිය පැවසුවාය.
කළුතර, අනුරාධපුර හා මහනුවර හෙද විදුහල්වලින් පුහුණුව ලබා නික්ම ගිය හෙදියන් 1500කට 16 වැනිදින සූතිකා පුහුණුව ලබාදීම සඳහා පැමිණෙන ලෙස දැනුම් දී ඇති බවට තම සංගමයට සැල වී ඇති බවද ඇය සඳහන් කළාය.