හෙද සේවාව සදහා පුරුෂ පක්ෂය මෙතෙක් බඳවා ගන්නා ලද සියයට 5 සීමාව සංශෝධනය කිරීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.
ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස මහතාට දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකාවේ හෙද හෙදියන් 10, 000 ක් පමණ හිගයක් ඇති බවත්, ඒ සඳහා පිළියමක් ලෙස හෙද විද්‍යාල සංවර්ධනය කර පුහුණු කරන හෙද හෙදියන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා පැවැසීය. එසේම හෙද පීඨයක් ද ස්ථාපිත කර හෙද උපාධිධාරින් 2000 ක් එකවර පුහුණූ කිරීමට නියමිත බවත් ඔහු පැවැසීය.