සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්ථාන මාරුවීම් නියෝග හා නව පත්වීම් මත අනුප්‍රාප්තිකයෙකු ලබාදෙන ලද හෙද හෙදියන් මැයි මස 01 දා ප්‍රථම අදාළ ස්ථන මාරුවීම් ලබාදුන් දේවා ස්ථානවලට මුදාහැරීමට පළාත් සෞඛ්‍ය අමාත්‍ය සමුළුවේදී තීරණය කර තිබේ. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27දා) නාරාහේන්පිටදී මෙම සමුළුව පවත්වා තිබේ.
හෙද හෙදියන්ගේ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක නොවන බවට පළාත් සෞඛ්‍ය අමාත්‍යවරු සඳහන් කළ කරුණට ප්‍රතිචාර ලෙස අමාත්‍යවරයා මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
එම නියෝගය ක්‍රියාත්මක නොකරන රෝහල් බලධාරීන් පිළිබඳව පරීක්ෂණ පවත්වන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර මහතාට උපදෙස් දී ඇත.
එසේම ස්ථානමාරුවීම් ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ පූර්ණ වාර්තාවක් සියළුම රෝහල් අධ්යක්ෂවරු සෞඛ්‍ය අමාත්‍යාංශයට යොමුකළ යුතු බවත් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.