රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ආරම්භ කර තිබෙන හෙද වර්ජනය නිසා රෝහල් කටයුතුවලට බාධා එල්ලවෙමින් තිබේ.
මේ නිසා සායනවලට පැමිණ සිටින හා නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීහු අපහසුතාවයන්ට පත්ව සිටිති.
ඉල්ලීම් 06 ක් මුල් කරගනිමින් අද (14දා) පෙරවරු 07.00 සිට මෙම වර්ජනය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වේ.