හෙද නිලධාරීන්ට ඇතිව තිබෙන ගැටලු 06ක් මුල්කර ගනිමින් අද (13දා) දිනයේ පැවැත්වූ හෙද වැඩවර්ජනයට පාලකයන් ප්‍රතිචාර නොදක්වන බැවින් වැඩවර්ජනය 15 වැනිදා උදෑසන 7.00 වන තෙක් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සඳහන් කරයි.
වර්ජනය අසාර්ථක බවට සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ආඩම්බරයෙන් ප්‍රකාශ නිකුත් කළද ඔහු නියෝජනය කරන ආසනයේ පිහිටි බේරුවල රෝහලේ පවා වර්ජනය අතිසාර්ථකව ක්‍රියාත්මක කළ බව එම සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ අවධාරණය කළහ.
මීට අමතරව පොළොන්නරුව මහරෝහලේ පවා වැඩකටයුතු අඩපණවූ බවද උන්වහන්සේ සඳහන් කර සිටියහ.