හෙද සේවයේ පළමු ශ්‍රේණියේ තනතුරු 500කට නිලධාරීන් බඳවාගැනීම සඳහා පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී පැවැති විභාගයේ ප්‍රතිඵල මෙතෙක් නිකුත්කිරීමට කටයුතු නොකිරීම නිසා විභාගයට මුහුණදුන් හෙද නිලධාරීන් 2500කට දැඩි අසාධාරණයක් සිදුව තිබෙන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
වසරින් වසර මෙම විභාගය පැවැත්විය යුතු වුවත්, පසුගිය දෙසැම්බර් මාසයේදී විභාගය පැවැත්වූයේ 2010 වසරින් පසුව බවත්, එහෙත් එම විභාගයේ ප්‍රතිඵලවත් නිකුත් කරගැනීමට බලධාරීන්ට මෙතෙක් නොහැකි වී තිබෙන බවත් එම සංගමයේ සභාපති සමන්රත්නප්‍රිය මහතා සඳහන් කළේය.