හෙද ගැටලු විසඳීමට කටයුතු නොකරන නිසා හෙට (22දා) රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වන බව සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරයි.
පවතින වැටුප් විෂමතා හා උසස් වීම් ලබා නොදීම, අතිකාල දීමනා නිසි ලෙස නොගෙවීම හා නියමිත ලෙස බඳවා ගැනීම් සිදුනොකිරීම නිසා සමස්ත හෙද සේවාවම දැඩි අර්බුදයකට ලක්ව තිබෙන බවද එම සංගමයේ සභාපති ගාමිණී කුමාරසිංහ මහතා සඳහන් කළේය.
මේ නිසා හෙට (22දා) උදේ 11.00 සිට 7.00 දක්වා කාලය තුළදී රෝහල් ඉදිරිපිට විරෝධතා පවත්වන බවද හෙතෙම පවසා සිටියේය.