පළාත් පාලන ඡන්ද විමසීම හේතුවෙන්හෙට (10දා) දින රට පුරා සියලු මත්පැන් අලෙවිසැල් වසා තැබෙන බවට සුරාබදු දෙපාර්තමේන්තුව ප්රකාශ කරයි.
එහි කොමසාරිස් ජනරාල් ඒ. මීගස්මුල්ල මහත්මිය සඳහන් කර සිටියේ මේ පිළිබඳ අදාළ සියලු ආයතන දැනුවත් කර ඇති බවයි.
මැතිවරණ කොමිෂන් සභාවේ නිර්දේශයන්ට අනුව මෙම තීරණය ගෙන ඇතැයිද වැඩිදුරටත් සඳහන් වේ.