හෙට (28දා) සිට දිවයිනේ නිරත දිග කොටසට බලපා ඇති වැසි තත්ත්වය තාවකාලිකව අඩුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කෙසේ වෙතත් අද දිනයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ හා වයඹ පළාත්වලට විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය ැකි බවත් සමහර ස්ථානවලට විශේෂයෙන්ම කෑගල්ල, රත්නපුර හා කලුතර දිස්ත්‍රික්කවලට මිලි මීටර් 75 ඉක්ම වූ වැසිද බලාපොරොත්තුවිය හැකි බව එම නිවේදනයේ දැක්වෙයි.
අද පෙ.ව. 5.30ට නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ උතුර - මැද පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත් දිවයිනේ උතුරු අර්ධ ගෝලයේ හා මාතලේ, මඩකලපුව හා හම්බන්තොට දිස්ත්‍රික්කවලට විටින් විට දැඩි සුළං ඇතිවිය හැකි බවයි.