මේ වනවිට දිවයිනට බලපැවැත්වෙන වියළි කාලගුණයේ තරමක වෙනසක් හෙට (09දා) සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව උතුරු පළාතේ හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවල (මිමී 75ක පමණ) තරමක තද වැසි ඇතිවිය හැකි බවත් උතුරුමැද සහ ඌව පළාත්වලත් මාතලේ, මඩකලපුව, අම්පාර, සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
තවද සෙසු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති ඇතිවිය හැකි බවත් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රෙද්ශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවද එහි සඳහන් වෙයි.
ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං හා අකුණු ඇතිවිය හැකි හෙයින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.