නැණසල දහස ව්‍යාපෘතිය යටතේ හෙට (18දා) සහ අනිද්දා (19දා) යන දිනවල නැණසල ග්‍රාමීය තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන 100ක් විවෘත කිරීමට නියමිත බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තිය නිමිත කොටගෙන මෙම මධ්‍යස්ථාන පිහිටුවන බව නියෝජිතායතනය පවසයි.
ඒ අනුව, දිවයිනේ සියලු දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි මෙම නැණසල මධ්‍යස්ථාන 100 පිහිටුවා ඇති බව නියෝජිතායතනය වැඩිදුරටත් පවසයි.
ඒ අනුව වසර අවසානයට පෙර නැණසල දහස ඉලක්කය සම්පුර්ණ කිරීමට ICTA ආයතනය බලාපොරොත්තු වන අතර, 900 වැනි නැණසල මධ්‍යස්ථානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී හෙට (18දා) විවෘත කිරීමට නියමිතය.