ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේදී ඒ සඳහා පාර්ලිමේන්තු කමිටුවක් අවශ්‍ය යැයි යන ස්ථාවරයේත්, විධායක ජනාධිපති ක්රමයේ යම් යම් බලතල අඩුකළ යුතුය යන ස්ථාතවරයේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැහැදිලිවම සිටින බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
බදුල්ල, සයිමන් පීරිස් අනුස්මරණ ශාලාවේදී ඊයේ (16දා) පැවැති බදුල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සමුළුව අමතමින් හෙතෙම මේ බව පැවසීය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"අවු 02 කට මම හිතුවා ආණ්ඩුවෙ ඇමතිකමක් ගන්න. මම ඇමතිකම ගත්තෙ ඔබ ගැන හිතලා මම ගැන හිතලා නෙමෙයි. මම එක්සත් ජාතික පක්ෂයට ගියේ නෑ, මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. අපි ජාතික ආණ්ඩුවේ ඇමතිකම් ගත්තා විතරයි. මට ඕනි වෙලාවක අස්වෙලා යන්න පුළුවන්. සමහර අය හිතන් ඉන්නවා හෙට අනිද්දා මැතිවරණයක් එයි කියලා. තව අවුරුදු ගාණක් යනකල් මැතිවරණ නෑ." යැයි පැවසීය.