පුහුණුවන්නන් පිරිසක් ස්ථිර සේවයට ඇතුළත් කර ගැනීමට ගත් තීරණයට විරෝධය පෑම සඳහා හෙට (03දා) ලංකාව පුරා සේවය කරන ජල සම්පාදන මණ්ඩල කොන්ත්රාත් සේවකයින් කොළඹට කැඳවා තිබේ.
මණ්ඩල කොන්ත්රාත් සේවකයන් සිටියදී දේශපාලන හිතවත්කම් මත බඳවා ගත් පුහුණුවන්නන් 480 ක් ස්ථිර කිරීමට ගත් තීරණයට විරෝධය පෑම සඳහා මෙම සේවකයන් කොළඹට කැඳවා තිබෙන බව ජල සම්පාදන හා ජලාපවාහන සේවක සංගමය සඳහන් කරයි.
මෙම පිරිස් සහ රත්මලානේ පිහිටි ප්රධාන කාර්යාලය අවට කාර්යාලවල නිලධාරීන් එක්ව රත්මලාන ගොළුමඩම හන්දියේ පිහිටි ජල සම්පාදන මණ්ඩල ප්රධාන කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවක් පවත්වන බව එම සංගමයේ කැඳවුම්කරු උපාලි රත්නායක මහතා සඳහන් කළේය.
මේ නිසා නඩත්තු කටයුතු ඇතුළු වෙනත් සේවාවල සේවය කරන මණ්ඩල කොන්ත්රාත් සේවකයන් සිදුකරන සියලුම රාජකාරි කටයුතු හෙට දිනයේදී අඩපණ වී යන අතර, යම් ලෙසකින් ප්රාදේශීය බිඳ වැටීමක් සිදුවුවහොත් එය යථා තත්ත්වයට පත්කිරීමට යම් කාලයක් ගත වන බවද වාර්තා වේ.