හෙට නොවෙයි අද වුනත් ගෙදර යන්න ලෑස්තියි - ජනපති
ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන ඕනෑම තීරණයක් ඉතා ගෞරවයෙන් යුතුව පිළිගෙන ප්රජාතන්ත්රවාදයට හිස නමා හෙට නොව අද වුවත් ජනාධිපති ධූරයෙන් නික්ම යාමට තමා සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ අද (12) පස්වරුවේ අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.
තමා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මත විමසුමක් සිදු කළේ තමාට ජනාධිපති ධූරයේ රැදී සිටීමට තිබෙන වසර ගණන පිළිබඳ නොව 19 වන ව්‍යවස්ථා සංශෝධනය සමග වර්තමාන ජනාධිපතිවරයාගේ නිල කාලය පිළිබඳ සමාජය තුළ මත දෙකක් ඉදිරිපත්වී තිබීම නිසා බව ද ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත්කි යා සිටියේය.
තමා ජනාධිපති ධූරයේ සැමදා රැදී සිටීමට පැමිණි අයෙක් නොවන බව පැවසූ ජනාධිපතිතුමා එහෙත් තමන් රට වෙනුවෙන් දකින සිහිනයක් වන ජාතික සංහිඳියාව ශක්තිමත් වූ මෙන්ම සියලු ජන කොටස් සහෝදරත්වයෙන් ජීවත්වන ලොව පිළිගත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකා මාතෘ භූමිය ඔසවා තැබීමේ සිහිනය වෙනුවෙන් තනතුරු තිබුණත් නැතත් සැමදා කැපවන බව ද අවධාරණය කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

