පාපැදි ධාවන, මාර්ග ධාවන සහ පිහිණුම් ලෙස තුන් ඉරියව් ජාත්‍යන්තර තරගයක් පැවැත්වීම හේතුවෙන් හෙට (25දා) දින කොළඹ කොටුව, කොල්ලුපිටිය, බම්බලපිටිය සහ වැල්ලවත්ත යන ප්‍රදේශයන්හී මාර්ග කිහිපයක වාහන ගමනාගමනය සීමා කිරීමට සිදුව ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.
මෙම තරග සංවිධායකයින් මේ වෙනුවෙන් නිසි අවසරය ගෙන ඇති අතර, 25 වැනිදා උදෑසන 5 සිට දහවල් 12 දක්වා කාලය තුළ කොළඹ කොටුව චෛත්‍ය පාර, ගාලුමුවදොර මැද පාර, ගාලු පාරේ කොල්ලුපිටිය මංසන්ධිය දක්වාත්, කොල්ලුපිටිය දුම්රියපොල සහ මුහුදුබඩ මාර්ගයේ වැල්ලවත්ත දක්වාත් මාර්ගවල වාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවනු ඇත.
මේ නිසා මාර්ග තදබදය අවම කරගැනීමට හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය අවධාරණය කර සිටියි.