හෘදයාබාධ සහිතව වසරකට ඉපදෙන දරුවන් 3000කට අධික ප්‍රමාණයෙන් අඩක් පමණ මිය යන බව ළමාරෝග විශේෂඥ දුමින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.
නිසි ප්‍රතිකාර නොලැබීම නිසා මෙම තත්ත්වය උදාවී තිබෙන බවත්, මේ නිසා මෙම ජීවිත බේරාගැනීමට රිජ්වේ ළමා රෝහල තුළ තට්ටු 10ක ගොඩනැගිල්ලක් සහිත ප්‍රතිකාර ඒකකයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන බව ද ඒ මහතා පවසා සිටියේය.
මේ සඳහා රුපියල් බිලියන 02ක මුදලක් වැයවන බවත්, ඒ සඳහා මේවනවිට රුපියල් මිලියන 180ක ධන පරිත්‍යාග ලැබී තිබෙන බවද පවසා සිටියේය.
අදාළ ගොඩනැගිල්ලට හෙට (02දා) මුල්ගල තබන බවත්, මේ සඳහා ලංකා බැංකුවේ බොරැල්ල ශාඛාවේ 79738633 බැංකු ගිණුමට මුදල් පරිත්‍යාග කළ හැකි බවද හෙතෙම කියා සිටියේය.
මීට අමතරව සම්පත් බැංකුවේ ඔන්ලයින් සේවාව තුළින් හා අදාළ සත් කාර්යයට පරිත්‍යාග සිදුකළ හැකි බවද අද (01දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
මීට අමතරව වැඩකරන දිනක පැයක මුදලක් මෙම අරමුදලට යොමුකරන ලෙසද වෛද්‍යවරයා ඉල්ලා සිටියි. ලිට්ල් හාර්ට් ව්‍යාපෘතිය ලෙස මෙය නම්කර තිබෙන බවද ඔහු පවසා සිටියේය.