මැද පෙරදිග රටවල රැකියා සඳහා විදේශගතව එරට හාම්පුතුන්ගේ සහ රැකියා නියෝජිත ආයතනවල හිරිහැර සහ වද හිංසාවලට ලක් වූ තවත් ශ්රී ලාංකිකයෝ 112 දෙනෙකු ඊයේ (01දා) උදෑසන හිස් අතින් යළි දිවයිනට පැමිණියහ.
මින් බහුතරයක් පැවසුවේ එරට රැකියා නියෝජිත ආයතන හා හාම්පුතුන් විසින් අදාළ රැකියා ගිවිසුම් කඩ කිරීම සහ වැටුප් නොගෙවීම මත ආපසු පැමිණි බවයි.
මේ අතර සිටි තවත් පිරිසක් පැවසූවේ තමන් සේවය කළ නිවෙස් වල හාම්පුතුන්ගෙන් වූ කරදර සහ තාඩන පීඩා හේතුවෙන් අසරණ වී නිවෙස් වලින් පැනගොස් ගොස් රැකවරණ පැතූ බවයි.
එරට හාම්පුතුන් විසින් අතවරයට පත් කළ බව කියන කාන්තාවෝද, හදිසි අනතුරු වලට ලක් වූවෝද, විවිධ රෝගාබාධ වලට ගොදුරු වුවෝද, එරට රැුද සිටීමට වලංගු ලියකියවිලි නොමැති වීම මත පොලිස් අත්අඩංගුවට පත්ව එරට සිරමැදිරි වල කල් ගෙවූවෝද මේ අතර වූහ.
මින් බහුතරයත් ත්රිකුණාමලය, අනුරාධපුර, පොලොන්නරුව, කුරුණෑගල, අම්පාර වැනි දිවයිනේ දුෂ්කර ප්රදේශ වල පදිංචිකරුවෝ වූහ.