හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පයාගල, මලේගොඩ ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී අද (16දා) පෙරවරුවේ පැවැත්විණි.
ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව හිසතෙල් ගෑමේ චාරිත්‍රය ඉටුකරමින් පෙරවරු 10.41 ට යෙදුණ සුබ මොහොතින් ඛෙන්තර, වලල්ලාවිට දෙකෝරළේ ප්‍රධාන සංඝනායක, පූජ්‍ය මලේගොඩ නන්ද නායක හිමි විසින් ජනාධිපතිතුමාගේ හිසතෙල් ගැල්වීම සිදුකළහ.
ජයන්ති සිරිසේන මහත්මිය, අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා, මහින්ද සමරසිංහ, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා අතුළු පිරිසක් එක්ව සිටියහ.