විවිධ කණ්ඩායම් වල බලපෑම් සහ අභිප්රායයන් හේතුවෙන් පසුගිය කාලය තුළ ඉන්දීය සාගර කලාපයේ සමුද්‍ර ත්‍රස්තවාදය මතුවෙමින් පැවතීමේ අවදානමක් පැන නැගී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
එසේම ගෝලීය ආර්ථිකයට බලවත් තර්ජනයක් විය හැකි සමුද්‍ර ත්‍රස්තවාදය මැඩ පැවත්වීම උදෙසා සියළු රටවල් එකට අත්වල් බැඳ ගත යුතු කාලය එළැඹ ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.
ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැති “2017 ත්‍රස්ත මර්දන සමුළුව” ස්කයිප් තාක්ෂණය ඔස්සේ අමතමින් ඊයේ (14දා) අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
පසුගිය දශක එකහමාරක කාලය තුළ ගොඩබිම් ත්‍රස්තවාදය පරදමින්, සමුද්‍ර ත්‍රස්තවාදය හිස ඔසවමින් පවතින බවත් බිලියන 3 ක ජනතාවක් වෙසෙන ඉන්දියානු සාගර කලාපයේ ආර්ථික ශක්තියට සමුද්‍ර ත්‍රස්තවාදය හේතුවෙන් බලවත් තර්ජන එල්ල වී ඇති බව ද පැවැසීය.
එසේම ඉන්දියන් සාගර කලාපයේ හිස ඔසවමින් පවතින ඩිජිටල් ක්රමවේදී ත්‍රස්තවාදය සම්බන්ධයෙන් සියළු දෙනාගේම සැලකිල්ල යොමු විය යුතු බව ද අගමැතිවරයා පැවසීය.