රාජිත සේනාරත්න අමාත්‍යවරයා තමන් වහන්සේගෙන් රුපියල් බිලියනයක් වන්දි ඉල්ලා නඩු දමන බවට මාධ්‍යයට ප්‍රකාශ ලබා දී තිබූ බව පැවසූ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්, තමන් වහන්සේ රාජිත ඇමතිවරයාට ශත පහක්වත් ලබානොදෙන බවත්, හිරේ යන්නේ තමන් වහන්සේද එසේත් නොමැතිනම් රාජිත ඇමතිවරයාද කියා බලාගත හැකි බවත් පැවසූහ.
උන්වහන්සේ එසේ පවසා සිටියේ බොදුබලසේනා සංවිධානය විසින් දීර්ඝ කාලයක් ගවේෂණය කරමින් සකස් කරන ලද සිංහල ජාතියටත්, බෞද්ධාගමටත් එල්ල වී තිබෙනා කුමන්ත්රණාකාරී සිදුවීම් සම්බන්ධයෙන් වූ ලිපිගොනුවක් මල්වතු මහා නායක හිමිපාණන් වහන්සේට පිළිගැන්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.
එහිදී උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ ලබන සැප්තැම්බර් මාසයේ මහා සංඝ සම්මේලනයක් පවත්වා භික්ෂු පුනරුදයක් ඇති කිරීමේ දැවැන්ත වැඩපිළිවෙළක් රට තුළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.