වීසා නොමැතිව මෙරට රැඳී සිටියේයැයි සැකපිට බන්ධනාගාර ගතකර සිටි සැකකරුවෙකු බන්ධනාගාර අත්අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි යාපනය පොලීසිය සඳහන් කරයි.
මෙම පුද්ගලයා යාපනය ප්රදේශයේ රැඳී සිට වෙළෙඳාම් සිදුකරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
සැකකාර ඉන්දියන් ජාතිකයා සොයා බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා යාපනය පොලීසිය එක්ව පරීක්ෂණයක් ආරම්භකර ඇතැයි යාපනය පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.