(UPDATE)
අලුත්කඩේ අංක දෙක මහේස්ත්‍රාත් අධිකරණයට පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඉදිරිපත්කිරීමේන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා ඇය අප මත නිදහස් කළේය
-------------------------------------------------------------------------------------------------------------
පුද්ගලයෙකු පැහැරගෙන යාමේ සිද්ධියකට සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද පෙරවරුවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
නිතිපති ඊයේ පොලීසියට උපදෙස් දී තිබුණේ සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරිය අත්අඩංගුවට ගන්නා බවයි. ඒ අනුව අද දිනයේදි ඇය අත්අඩංගුවට ගෙන තිබෙන අතර අලුත්කඩේ අංක දෙක මහේස්ත්‍රාත් අධිකරණයට ඇය ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය කියයි.