අද දහවල් ධර්ම දේශනයකට වඩිමින් සිටි හිමිනමකට පහරදීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් හා එම පහරදීමට විරෝධය පාමින් අලුත්ගම ප්රදේශවාසීන් 5000 ක් පමණ පොලීසිය ඉදිරිපිට ගාලු පාර අවහිර කරමින් නොසන්සුන් ලෙස හැසිරුණහ.
අද සවස 4.00 සිට රාත්රී වනතුරුත් මෙලෙස ප්රදේශවාසීන් නොසන්සුන් ලෙස හැසිරීම නිසා කොළඹ ගාලු පාරේ ගමනාගමනය බෙහෙවින් අඩාළ විය. මෙම සිද්ධියේදී පහරකෑමට ලක්වූ බව කියන දර්ගා නගරය කුරුඳුවත්ත විහාරාධිපති අයගම සමිත හිමියන් අලුත්ගම ග්රාමීය රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.
චතුරිකා ජයරත්න