හයිලෙවල් මාර්ගයේ පන්නිපිටිය ප්‍රදේශයේ පදික මාරුවකින් පාර මාරුවෙමින් සිටි හිමිනමක් මෝටර් රථයක ගැටී සිදුවූ අනතුරකින් උන්වහන්සේ අපවත්ව ඇතැයි පොලීසිය කියයි.
අද (28දා) අලුයම මෙම අනතුර සිදුව තිබේ. අනතුරුට පත් ස්වාමීන් වහන්සේ අනතුර කළ මෝටර් රථයෙන්ම හෝමාගම රෝහලට ගෙන ගියත් උන්වහන්සේගේ බරපතල තුවාල හේතුවෙන් අපවත් වූ බව පොලීසිය කියයි.
මෙසේ අපවත්ව ඇත්තේ පූජ්‍ය අළුපෙත්ණය රෝහණ සුමන නම් ස්වාමින් වහන්සේ බවත් පොලීසිය කියයි. අනතුර කළ රියදුරාද අත්අඩංගුවට ගෙන තිබේ.