නේපාලයේ කත්මණ්ඩු අගනුවර සිට කොළඹ කටුනායක දක්වා වාණිජ ගුවන් සේවා ආරම්භ කිරීමට හිමාල ගුවන්සේවය (Himalaya Airlines) කටයුතු කර තිබේ.
එහි පළමු ගමනාන්තය පසුගිය 12 දා සිදු වූ අතර කත්මන්ඩු සිට කටුනායක බලා හිමාල ගුවන්සේවයට අයත් ගුවන්යානයක් පියාසර කරන ලදී. නේපාලය හා චීනය එක්ව මෙම හිමාල ගුවන්සේවය ක්රියාත්මක කරනු ලබයි.