ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කිසිවකුටත් හිතවත්කම් මත උසස්වීම් ලබානොදෙන බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. ආගම් ජාති භේදයකින් තොරව සමාන වරප්‍රසාද භුක්තිවිඳීමේ අවස්ථාව වරාය අධිකාරියේ සෑම කෙනෙකුටම අද උදාවී ඇති බවද ආගම්වාදය අවුස්සමින් කටයුතු කරන ඇතැම් පිරිස්ද සිටින මේ කාලයේ සිහි බුද්ධියෙන් කටයුතු කළ යුතු බවද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.
රාමසාන් සමයේ සිය උපවාස කාලය අරඹන වරාය අධිකාරියේ මුස්ලිම් බැතිමතුන් අමතමින් අමාත්‍යවරයා මේබව කීය.
සිංහල, දෙමළ, මුස්ලිම් භේද නොසලකා සියලු දෙනා ශ්‍රී ලාංකිකයින් බව සිතා සහයෝගයෙන් ක්‍රියාකිරීමෙන් සාර්ථකත්වය ළඟා කරගත හැකි බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.