විදේශ රැකියා අමාත්‍යංශය තමන්ට භාරදුන් පසු හිත රිදුණු බොහෝ දේ අත්දැකීමට සිදුවූ බවත් විපක්ෂයේ සිටි සමයේ රටට විශාල ආදායමක් ගෙන එන්නේ ගෘහ සේවිකාවන් විසින් බව ප්‍රකාශ කළද දැන් ඒ බව ප්‍රකාශ කරන්නේ දැඩි වේදනාවකින් බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝර මහත්මිය ප්‍රකාශ කළාය.
අමාත්‍යවරිය මෙම අදහස් පැවසුයේ සිය උපන්දිනය වෙනුවෙන් රත්නපුර පල්ලේබැද්ද ශ්‍රී නන්දාරාම විහාරස්ථානයේ අංග සම්පූර්ණ පෙරපාසල් ගොඩනැගිල්ලක් ඉදිකොට එම ගොඩනැගිල්ල මුතුකැකුළු පෙරපාසලේ ප්රධානාචාර්යතුමියට හා දුවාදරුවන්ට භාරදීමේ අවස්ථාවට එක්වෙමිනි.
ළමයින්ට අම්මාගේ ආදරේ සෙනෙහස රැකවරණය ඉතාම අත්‍යාවශ්‍යයි, අම්මා නැතිඋනොත් මේ දරුවන්ගේ ජිවිතවල අඩුපාඩුවක් අනිවාර්යෙන්ම හිටිනවා, ඒ දේවල් කොච්චර සමාජයට බලපානවද කියලා කිව්වොත් වැරදි වෙන බොහෝ අවස්ථාවල වැරදිකාරයාගේ හෝ වින්දිතයාගේ මව විදේශ ගතවූ අයෙක්, ඒ වගේ තත්වයක් තමයි මේ රටේ තියෙන්නේ,යනුවෙන්ද ප්‍රකාශකළේය.