මේ වනවිට විගණකාධිපතිවරයාට හිමිවී ඇති අධිභාර පැනවීමේ බලය යෝජිත පනත මගින් කමිටුවකට ලබාදීමට කටයුතු කිරීම පවතින ක්‍රමවේදයට පටහැනි ක්‍රියාවක් බව හිටපු විගණකාධිපති එස්.මායාදුන්නේ මහතා සඳහන් කළේය.
ලංකාව තුළ ක්‍රියාත්මක වන්නේ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රමවේදය බවත්, එම ක්‍රමවේදය ක්‍රියාත්මක වන රටවල් 54 කට වැඩි ප්‍රමාණයක ක්‍රියාත්මක වන්නේ විගණකාධිපතිට පූර්ණ බලය තිබෙන ක්‍රමවේදයක් බවද පවසා සිටියේය.
වසර 217ක් පුරා තුළ පැවත එන එම ක්‍රමවේදය තුළත් විගණකාධිපතිවරයාට පූර්ණ බලතල ලබාදී තිබෙන බවත්, මේ නිසා අධිභාර පැනවීමේ කටයුත්ත කමිටුවකට පැවරීමට හැකියාවක් නොමැති බවද අද (26දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේය.
ඡායාරූපය ඉසුරු පෙරේරා