මාතර බස්නැවතුම්පොළ ඉදිරිපිට ඇති පූර්ව සුනාමි අනතුරු ඇගවීමේ කුලුන මතට නැගී හිටපු යුද හමුදා සෙබලෙක් විරෝධතාවයේ නිරතවී සිටියි.
මානසික ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහුව යුද හමුදාවෙන් ඉවත්කර ඇති අතර ඔහුට මාස තුනක වැටුපක් ගෙවන ලෙස මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ කර තිබේ.
කෙසේ වෙතත් මෙම මුදල නොගෙවූ බව සඳහන් කරමින් සෙබලා විරෝධතාවේ නිරතව සිටියි.
අඩි 40ක් පමණ උස සුනාමි කුලුනට මතට නැගී මේ මසදී විරෝධතාවේ නිරතවූ සිවුවැනි පුද්ගලයා මෙම යුද හමුදා සෙබලා වෙයි.