වනාන්තරයකින් හොර රහසේ අල්ලාගන්නා ලද අලි පැටවෙකු බව මෙන්ම නිසි ලියාපදිංචි සහතිකයක් හෝ බලපත්රයක් නොමැති බව දනිමින්ම අලියෙකු ළඟ තබාගන්නා ලදැයි කොළඹ හිටපු අතිරේක මහේස්ත්රාත් තිළණ ගමගේ මහතා ඇතුළු සැකකරුවන් සිවුදෙනෙකුට එරෙහි නඩුවේ පැමිණිල්ල සඳහා රහස් පොලිස් නිලධාරීන් පෙනී නොසිටීම නිසා නඩුව ලබන අගෝස්තු 08වැනිදා කැඳවන ලෙස නුගේගොඩ මහේස්ත්රාත් කනිෂ්ක විජේරත්න මහතා නියම කළේය.
මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල අද (06දා) අධිකරණයේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මීට පෙර දිනයක ඇප මත මුදාහළ තිළිණ ගමගේ මහතා යුරෝපීය ඇඳුමකින් සැරසී අධිකරණයට පැමිණ සිටිනු දක්නට ලැබිණි.