ඉන්දියාවේ හිටපු මහ අමැතිවරයෙකු සිරගතව සිටින විට 12 වසරේ පාසල් හැරයාමේ විභාගය ලියා සමත්ව තිබේ.
ඕම් ප්‍රකාශ් චවුටලා නම් හර්යානා ප්‍රාන්තයේදී අවස්ථා හතරකදී මහ අමාත්‍යධුරය දැරූ 82 වැනි වියේ පසුවන පුද්ගලයෙකු මෙසේ දිල්ලිහි සිරගතව සිටින විට පාසල් හැරයාමේ විභාගයට මුහුණදී තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වා ඕම් ප්රකාශගේ පුතා අබේ චවුටුල්ලා සඳහන් කරන්නේ, සිය පියා ඔහුගේ සිරගත කාලසීමාව අර්ථවත් ලෙස ගත කිරීමේ අදහසින් මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි. ඕම් ප්‍රකාශ් ගුරුවරුන් බඳවා ගැනීමේදී සිදුකරනු ලැබූ අක්‍රමිකතා හේතුවෙන් සිරගත කර තිබේ.