(UPDATE) රජයට අයත් රියක් අවභාවිත කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් ටී.එන්.ඒ. හිටපු මන්ත්‍රී පී.එච්. පියසේන මහතා එළැඹෙන 02 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.
රජයට අයිති ජීප් රියක් නීතිවිරෝධී අයුරින් තමා සන්තකයේ තබා ගැනීමේ සිද්ධියකට අදාළව ද්‍රවිඩ ජාතික සන්ධානයේ අම්පාර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.එච්. පියසේන මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ දිනයේදී ඔහු භාවිත කළ බව කියන රජයේ ජීප් රිය පොලීස් අත්අඩංගුවට ගත්තේය.