හිටපු පෞද්ගලික ප්‍රවාහන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක මහතා අද (13දා) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා බරපතළ වංචා විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම හමුවට පැමිණ ඇත.
ඒ පසුගිය ජනාධිපතිවරණය සමයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් රාජ්‍ය මුදල් රුපියල් ලක්ෂ 81ක මුදලක් ලබාදීම සහ දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස්රථ ධාවනය සඳහා බලපත්‍ර ලබාදීම මගින් රජයට රුපියල් මිලියන 50ක ආදායමක් අහිමි කිරීම යටතේ ප්‍රකාශයක් ලබාදීම සඳහා ඒ මහතා අද කොමිසම හමුවේ පෙනී සිටී.