වවුනියාව, පූන්තෝට්ටම් ප්‍රදේශයේදී ඊයේ (03දා) රාත්රියේදී හිටපු ප්ලොට් සාමාජිකයෙකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි වවුනියාව පොලීසිය සඳහන් කරයි.
ඝාතනයට ලක්වූ පුද්ගලයා තිදරු පියෙකි.
වඩිවේල් අලකන් නමැති 45 හැවිරිදි මෙම හිටපු ප්ලොට් සාමාජිකයා මීට වසර 3 කට පමණ පෙර එම සංවිධානයෙන් ඉවත්ව තිබේ. පසුව ඔහු වවුනියාව වෛරව පුලියන්කුලම් ප්‍රදේශයේ ව්‍යාපාර කටයුතු සිදුකර තිබේ.
ඊයේ රාත්‍රී 10.30 ට පමණ පූන්තොට්ටම් ප්‍රදේශයේදී ඔහු ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී නාඳුනන පුද්ගලයෙකු පැමිණ වෙඩි තබා පලා ගොස් ඇති බවට තොරතුරු ඇතැයි වවුනියාව පොලීසිය සඳහන් කරයි.