පුද්ගලයන් පිරිසක් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාවට අත්අඩංගුවට පත් නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී. දසනායක මහතා ඇතුළු 6දෙනා මෙම මස 10දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (02දා) නියෝග කරන ලදී.
ඒ අනුව මෙම නඩු වාරයට නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී. දසනායක මහතා අධිකරණය ඉදිරියේ පෙනී නොසිටියේය.
ඒ මහතා රෝහල් ගත වී ඇති හෙයින් ඔහු වෙනුවෙන් වෛද්‍ය වර්තාවක් අද අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
එහිදී මෙම සිදුවීමට සම්බන්ධ සියලු සැකකරුවන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙහිදී නියෝග කරන ලදී.