හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නිල නිවස පිහිටි භූමියේ නව ගොඩනැගිල්ලක ඉදිකිරීමට රුපියල් ලක්ෂ 170 ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
මෙම ඇස්තමේන්තුව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් ඉදිරිපත් කළ අතර, අදාළ මුදල් ජනාධිපති වියදම් ඒකකය යටතේ ඉල්ලා තිබේ.