මෙරට තුළ ජාතික සමගිය පිළිබඳව කතා කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කිසිම අයිතියක් නොමැති බවත්, පසුගිය වසර දහය පුරාවටම ඔහු සිදුකළේ ජාතිවාදය වැපිරීම බවත්, වරාය නගර විරෝධී ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු චින්තක රාජපක්ෂ මහතා පැවසීය.
අද (27දා) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම සඳහන් කළේ, ජාතික සමගිය යැයි කියමින් නැවතත් වරාය නගර ව්‍යාපෘතිය කරළියට ගෙන ඒමට ඇතැම් පාර්ශ්ව සූදානම් වන බවයි.
වරාය නගරය පිළිබඳ නඩු දෙකක් උසාවිය තුළ විභාග වනවිට වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳ විවිධ වැඩසටහන් ඇතැම් මාධ්‍ය හරහා සිදුකිරීමද පුදුමසහගත බව ඔහු පැවසීය.