හිටපු ජනපතිට මුදල් ඇමතිගෙන් අභියෝගයක්
තැන් තැන්වල ගොස් අසත්‍ය ප්‍රකාශ නොකර, රටේ ආර්ථිකය සම්බන්ධයෙන් පැය දෙකක විවාදයක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තමන් අභියෝග කරන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.
මුදල් අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ තොටළඟ දේශපාලන කාර්යාලයේ 05දා පැවති උත්සවයකට සහභාගී වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"හම්බන්තොට වරාය හදන්න රු.කෝටි 28,800ක් වැය කළා. අද මාසික ආදායම ලක්ෂ 34 යි. එක්සත් ජාතික පක්ෂය දක්ෂිණ අධිවේගී මාර්ගය හදන්න සැලසුම් කළේ රු.කෝටි 6,000 කින්. ඒත් ඒක හදන්න ගිය වියදම රු.කෝටි 12,800යි. 8% පොලියට ණය ගත්ත ආණ්ඩුවක් කරල ගිය විනාශයේ බර තමයි මේ ජනතාව මත තියෙන්නෙ. ඒ නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මම අභියෝග කරනවා තැන් තැන්වල ගිහින්අසත්ය ප්‍රකාශ කරන්නෙ නැතුව පැය දෙකකට එන්න අපිත් එක්ක රටේ ආර්ථිකය ගැන විවාදයක් කරන්න කියලා." යැයි පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

