හිටපු ජනපතිවරයා සිය පාලන කාලයේදී අසත්‍ය ප්‍රකාශ කළ බවත් පරාජයෙන් පසුවද අසත්‍ය ප්‍රකාශ කරන බවත් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් කබීර් හෂීම් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
උතුරේ හමුදා කඳවුරු ඉවත්කිරීම පිළිබඳව හිටපු ජනපතිවරයා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ඔහු මෙම අදහස් දක්විය. උතුරේ කඳවුරු 59 ඉවත් කළේ හිටපු ජනපතිවරයාගේ කාල සීමාවේදී බව මහ ලේකම්වරයා සඳහන් කරයි.
හිටපු ජනපතිවරයා අරලිය ගහ මැඳුරේ ඇතිකළ සුනඛයින්ට කෑම දුන්නේද ජනතා මුදලින් බවත්, ඔහුගේ පවුල භාවිත කළ වාහන පිළිබඳව රජයේ වාහන සංඛ්‍යාව පිළිබඳව අදටත් සොයාගැනීමට නොහැකි වී ඇතැයිද මහ ලේකම්වරයා සඳහන් කරයි.