හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජපානයේ සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
දින 10ක සංචාරය සඳහා ඊයේ (31දා) රාත්‍රී 7.15 ට පමණ යූ.එල් 454 දරණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස ජපානය බලා පිටත්ව ගොස් තිබේ.
ජපානයේ අකිහිතෝ අධිරාජ්‍යයාගේ ආරාධනයකට අනුව රාජපක්ෂ මහතා මෙම සංචාරයට එක්ව ඇති බවත්, ඔහු සමග යෝෂිත රාජපක්ෂ, ලොහාන් රත්වත්ත ඇතුළු 9 දෙනෙකුගෙන් යුතු පිරිසක්ද ඊයේ පිටත්ව ගොස් ඇති බව කියයි. මෙම දූත පිරිසට සම්බන්ධ වීම සඳහා මීට පෙරද තවත් පිරිසක් ජපානය වෙත ගොස් ඇති බවද දැනගන්නට ලැබේ.