හිටපු කොටියා රෝහලින් පැන යයි
අනුරාධපුර බන්ධනාගාරයේ සිට යාපනය බන්ධනාගාරයට මාරු කළ හිටපු කොටි සාමාජිකයෙකු යාපනය රොහලේ ප්‍රතිකාරව සිටියදී පෙරේදා (24 දා) සවස පැන ගොස් ඇති බව යාපනය පොලීසිය පවසයි.
අවි ආයුධ ළඟ තබා ගැනීමේ චෝදනාව මත කිලිනොච්චියේ පදිංචි රාසයියා ආනන්දරාසා නැමති හිටපු කොටි සාමාජිකයා කිලිනොච්චියේදී අත්අඩංගුවට ගෙන පසුව අනුරාධපුර බන්ධනාගාරයේ සිට ඇති අතර බන්ධනාගාර රෝහලෙන් ලබා දුන් එන්නතක් හේතුවෙන් තමන්ට අසනීප තත්වයක් පවතින බව දැන්වීමෙන් පසුව සැකකරු අධිකරණ නියෝගයක් මත යාපනය බන්ධනාගාරයට පසුගිය 14 වන දා මාරු කොට යවා යාපනය රෝහලේ ප්‍රතිකාර ලබා දී ඇත.
එහදී බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී සැකකරු මෙසේ පැන ගොස් ඇත. හිටපු කොටි සාමාජිකයා සෙවීමට යාපනය පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන් විශේෂ මෙහෙයුමක් දියත් කොට ඇත.
	 
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                