වවුනියාව, පූන්තෝට්ටම් කඳවුරේදී ආරක්ෂක අංශ භාරයේ සිට පුනරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පිරිසක් අද (30 දා) ඔවුන්ගේ දෙමවුපියන් වෙතට භාරදී නිදහස් කෙරිණි. පූන්තෝට්ටම් අනාථ කඳවුරේ සම්බන්ධීකරණ නිලධාරී කර්නල් ඒ.ආර්.හැමිඩෝන් මහතාගේ ප්රධානත්වයෙන් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් නිදහස් කිරීම සිදුකෙරිණි.