පොලිස් උප පරීක්ෂකවරයෙකුට වෙඩි තබා තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනිමට පොලීසිය සහ හමුදාව එක්ව කිලිනොච්චියේ ධර්මපුරම් ප්රදේශයේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
ත්රස්ත ක්රියාකාරකම් හා රාජ්ය විරෝධී කටයුතු සම්බන්ධයෙන් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු වන මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට සිදුකළ මෙහෙයුමේදී සැකකරු විසින් මෙම වෙඩිතැබීම සිදුකර තිබෙන බව වාර්තා වේ.
සැකකරු විසින් එල්ල කළ වෙඩිපහර පොලිස් පරීක්ෂකවරයාගේ පාදවලට එල්ල වී තිබෙන අතර, තුවාල ලැබූ උප පොලිස් පරීක්ෂකවරයා අනුරාධපුර රෝහලේ ප්රතිකාර ලබයි.
අදාළ සැකකරුට ත්රස්ත ක්රියාකාරකම් හා රාජ්ය විරෝධී චෝදනාවලට අමතරව, පොලීසියේ රාජකාරියට බාධා කිරීම හා පොලිස් නිලධාරියෙකුට තුවාල සිදුකිරීම, අනවසර ගිනිඅවි භාවිතය ඇතුළු තවත් චෝදනා කිහිපයක් මේ වනවිට එල්ල වී තිබේ.